- විදුහලට පැමිණිමේ අරමුණ කුමක්දැයි හැමවිටම මතක තබා ගත් යුතු අතර විදුහලේ පොඩු නීති රිතී වලට ඔබ හැම විටම නිහතමානිව ගරු කළ යුතුය, පිළිපැදිය යුතුය.
- දිනපතා විදුහලට පැමිණිම අනිවර්ය වන තර නොපැමිණෙන දිනකදී ඒ පිළිවද ශිෂ්‍ය වාර්තා පොතෙහි සටහන් කර මව / පියා / භාරකරු ලවා සහතික කරවාගෙන ආ යුතුය
- විදුහල පෙරවරු 7.30 ට ආරම්භ වන අතර ඊට පැය 1/2 කටව් අත පෙට විදුහලට පැමිණ පිරිසිදු කිරිම් කර පන්ති සකස් කිරිම හෝ වෙනත් පැවරෙන යුතුකම් ඉටුකල යුතුය
- විදුහලට පැමිණ විදුහල ආරම්භ කරන තෙක් කණ්ඩායම් වශයෙන් තැන් තැන් වල රැස්ව නොසිටය යුතු අතර, සැම කෙනෙකුම පන්තිය සහා අවට පරිසරය පිරිසිදු කිරිම් වල යෙදිය යුතුය
- විද්‍යාලයේ සෑම ගුරු මහත්ම මහත්මියකටම කීකරු විය යුතුය.
- ශිෂ්‍ය නායක නායිකාවන්ට හා පන්ති නායක නායිකාවන්ට අවනත විය යුතුය.
- විදුහල තුළත්, විදුහලෙන් පිටතත්, තමාගේත්, දෙමව්පිය භාරකරුවන්ගේත්,විදුහලෙත් ගෞරවය රැකෙන පරිදි හැසිරිය යුතුය.
- නියමිත නිළ ඇදුමෙන් පාසලට පැමිණිය යුතුය.
- විදිහලට පැමිණි පසු පන්ති භාර ආචාර්යයතුමාගේ හා විදුහල්පතිතුමාගේ අවසරය නොමැතිව පාසලෙන් පහර යාම තහනම්ය.
- සෑම ළමයෙක්ම ගුරු දෙගුරු සම්බන්ධතා පොත තබා ගත යුතුය.
- පාසලේ ගොඩනැගිලි, ලි බඩු, පුස්තකාල පොත්,පරිණගක හා වෙනත් උපකරණ ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතුය.
- විදුහලට දිනපතා පැමිණීම ඉතා වැදගත් වන අතර අධ්‍යාපනික මෙන්ම ආගමික හා බාහිර සමාජ සේවාවන්හි සහභාගී වී තමන්ට පැවරෙන වගකීම හා යුතුකම් හැකි ඉහලම තත්වයෙන් ඉටු කල යුතුය
- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමනේ ක්‍රියා ඛල යුතු ය. අවසරයකින් තොරව පෙ.ව. 6.45 ට පෙර පාසලට ඇතුළුවීම සපුරා තහනම් වේ.
- පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියදුම දරුවන් ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
- උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
- සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය. අවශ්‍යතාවත් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
- සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
- කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා/නායිකාව මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය. අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
- දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
- පන්තිභාර ගුරුවරයා විසින් තම සිසුන් වෙනුවෙන් පෙර වැරදි පොතක් භාවිත කළ යුතුය. වැරදි තුනකට වඩා සටහන් වන අවස්තානකදී අංශභාර ගුරුවරයා වෙත යොමු කළ යුතුය. වර්ෂ අවසානයේ එම පොත ඊළග පන්තිභාර ගුරුවරයාට භාරදිය යුතුය. සහතික නිකුත් කිරීමේදී එම පොත පරීක්ෂා කරනු ලැබේ.
- පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
- පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ. එබදු දෑ ළග තබාගෙන අසුවුවහොත් පාසලෙන් නිල වශයෙන් අස්වී යනතුරු ආපසු ලබා දෙනු නොලැබේ.
- විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
- පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබය යුතුය.
- පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.





