බප/කැල ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

BATTLE OF THE BLUE MEROON

272659298_4994454807273477_7195713652304766898_n.jpeg
272659298_4994454807273477_7195713652304766898_n.jpeg

1902.03.01 වන දින බප/කැල ශ්‍රී සුමංගල මහා විද්‍යාලය බෞද්ධ මිශ්‍ර පාසල නමින් බිහි විය. ශ්‍රී සුමනාරාමයේ පුණ්‍යවර්ධන සමිතියේ සභාපති එස්.ඩී. ගෝමිස් මහතා හා ලේකම් එච්. අගෝරිස් ප්‍රනාන්දු මැතිඳුන් ඇතුලු කිහිපදෙනෙකුගේ මෙහෙයවීමෙන් මෙම බෞද්ධ මිශ්‍ර පාසලට විද්‍යෝදය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් මුල් ගල තබන ලදී.

මෙම පාසල ඇරඹීමට මුල් වූ හේතුව ලෙස සැලකෙන්නේ එච්. අගෝරිස් ප්‍රනාන්දු මහතාගේ වැඩිමහල් දියණිය එ‍‍ඩේරමුල්ලේ රෝමානු කතෝලික පාසලේ අධ්‍යාපනය හදාරන සමයේ එම පාසලේ ආගම සිහිකරන අවස්ථාවේදී දණ බිම තබාගෙන නොසිටි නිසා දඬුවම් ලබා දීමයි. මේ නිසා කලකිරීමට පත් වූ ප්‍රනාන්දු මහතා සමිතියේ අනෙකුත් අයගේ සහයෝගය ඇතිව බෞද්ධ දරුවන් උදෙසා බෞද්ධ පාසලක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

පොල් අතු  සෙවිලි කර ලෑලි ගසා ගොම මැටි ගෑ බිම මත මුල් ගොඩනැගිල්ල ඉදිකර දරුවන් කිහිපදෙනෙකු යොදාගෙන පාසල ආරම්භ විය. මෙහි මුල්ම ශිෂ්‍යාව වූයේ අගෝරිස් ප්‍රනාන්දු මහතාගේ දියණිය වූ එච්.ඒ. විමලාවතී ශිෂ්‍යාවයි.

ගම්වැසියන්ගේ සහායත් සමඟ පොල් අතු පැලක පවත්වාගෙන ආ මෙම පාසල නඩත්තු කිරීම අපහසු වූ බැවින් මහා බෝධි සමාගමට පවරන ලදී. එවකට මහා බෝධි සමාගම බෞද්ධ පාසල් සඳහා උපකාර කරමින් තිබිණි. ගම්පහ බෞද්ධ පාසල් කිහිපයක කළමණාකාරීත්වය භාරව සිටියේ ඩබ්ලිව්.ඒ.ඩී. අබේසේකර මුහන්දිරම් වෙද ගුරුතුමාය. මොහුගේ භාරයට පත් මෙම විදුහල ඊරියවැටිය පාදිලියාතුඩුව ගම්වැසියන්ගේ උදව් ඇතිව දියුණුවට පත්වන්නට විය. 1902 දී මෙම පාසලේ ආරම්භක විදුහල්පතිතුමා ලෙස ඒ.ඩී.ජේ. ගුණසේකර ගුරුතුමා පත් විය.

 

1903 වර්ෂයේදී මහා බෝධි සමාගමට අයත් සියලුම පාසල් රජයට පවරාගන්නා අවස්ථාවේදී මෙම පාසල රජයට පවරාගන්නා ලදී.

පර්චස් 20 ක ඇරඹි මෙම පාසල ක්‍රමයෙන් වර්ධනය වූ ආකාරය 

  • 1903.03.01 ළමුන් 06යි ගුරුවරු 03 යි.
  • 1932 වන විට ළමුන් 200යි. ගුරුවරු 10 යි. ශක්තිමත් එක් ගොඩනැගිල්ලකි.
  • 1956 දී ළමුන් 700 යි.ගුරුවරු 30 කි. ස්ථිර ගොඩනැගිලි දෙකකි. තාවකාලික ගොඩනැගිලි තුනකි.
  • 1957 ස්ථිර ගොඩනැගිලි තුනකි.
  • 2013 සිට ද්විතීයික පාසලක් ලෙස සංවර්ධනය වේ.
  • 2015 වන විට ස්ථිර ගොඩනැගිලි දහයකි.
  • 2016 සිට ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ C කාණ්ඩයට අයත් පාසලකි.
  • 2016 වර්ෂයේ සිට 1 AB පළමු ගණයේ පාසලක් වීම
  • 2021 වර්ෂයේදී ජාතික පාසලක් ලෙස ප්‍රකාශයට පත්වීම