බප/කැල ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
img-8863.jpg
previous arrow
next arrow

බප/කැල ශ්‍රී සුමංගල මහා විද්‍යාලය වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පලාතේ කැලණිය අධ්‍යාපන කලාපයේ කැලණිය කොට්ඨාසයේ පිහිටා ඇති මෙම විදුහල දැනට ජාතික පාසලක් ලෙස සංවර්ධනය වන පාසලකි. 1902.03.01 වන දින බප/කැල ශ්‍රී සුමංගල මහා විද්‍යාලය බෞද්ධ මිශ්‍ර පාසල නමින් බිහි විය. ශ්‍රී සුමනාරාමයේ පුණ්‍යවර්ධන සමිතියේ සභාපති එස්.ඩී. ගෝමිස් මහතා හා ලේකම් එච්. අගෝරිස් ප්‍රනාන්දු මැතිඳුන් ඇතුලු කිහිපදෙනෙකුගේ මෙහෙයවීමෙන් මෙම බෞද්ධ මිශ්‍ර පාසලට විද්‍යෝදය පරිවේණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් මුල් ගල තබන ලදී. මෙම පාසල ඇරඹීමට මුල් වූ හේතුව ලෙස සැලකෙන්නේ එච්. අගෝරිස් ප්‍රනාන්දු මහතාගේ වැඩිමහල් දියණිය එ‍‍ඩේරමුල්ලේ රෝමානු කතෝලික පාසලේ අධ්‍යාපනය හදාරන සමයේ එම පාසලේ ආගම සිහිකරන අවස්ථාවේදී දණ බිම තබාගෙන නොසිටි නිසා දඬුවම් ලබා දීමයි. මේ නිසා කලකිරීමට පත් වූ ප්‍රනාන්දු මහතා සමිතියේ අනෙකුත් අයගේ සහයෝගය ඇතිව බෞද්ධ දරුවන් උදෙසා බෞද්ධ පාසලක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී. පොල් අතු සෙවිලි කර ලෑලි ගසා ගොම මැටි ගෑ බිම මත මුල් ගොඩනැගිල්ල ඉදිකර දරුවන් කිහිපදෙනෙකු යොදාගෙන පාසල ආරම්භ විය. මෙහි මුල්ම ශිෂ්‍යාව වූයේ අගෝරිස් ප්‍රනාන්දු මහතාගේ දියණිය වූ එච්.ඒ. විමලාවතී ශිෂ්‍යාවයි. ගම්වැසියන්ගේ සහායත් සමඟ පොල් අතු පැලක පවත්වාගෙන ආ මෙම පාසල නඩත්තු කිරීම අපහසු වූ බැවින් මහා බෝධි සමාගමට පවරන ලදී. එවකට මහා බෝධි සමාගම බෞද්ධ පාසල් සඳහා උපකාර කරමින් තිබිණි. ගම්පහ බෞද්ධ පාසල් කිහිපයක කළමණාකාරීත්වය භාරව සිටියේ ඩබ්ලිව්.ඒ.ඩී. අබේසේකර මුහන්දිරම් වෙද ගුරුතුමාය. මොහුගේ භාරයට පත් මෙම විදුහල ඊරියවැටිය පාදිලියාතුඩුව ගම්වැසියන්ගේ උදව් ඇතිව දියුණුවට පත්වන්නට විය. 1902 දී මෙම පාසලේ ආරම්භක විදුහල්පතිතුමා ලෙස ඒ.ඩී.ජේ. ගුණසේකර ගුරුතුමා පත් විය. 1903 වර්ෂයේදී මහා බෝධි සමාගමට අයත් සියලුම පාසල් රජයට පවරාගන්නා අවස්ථාවේදී මෙම පාසල රජයට පවරාගන්නා ලදී

අභියෝග ජයගත හැකි බුද්ධිමත් පුරවැසියෙක්

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ වැඩුණු පරිසර හිතකාමී නව තාක්ෂණයත් සමග පෙරට යන බුද්ධිමත් පුරවැසියෙකු දායාද කිරිම

දැක්ම

සහ

මෙහෙවර

අභියෝග ජයගත හැකි බුද්ධිමත් පුරවැසියෙක්

ගුණ නැණ වැඩුණු පරිසර හිතකාමී නව තාක්ෂණයත් සමග පෙරට යන බුද්ධිමත් පුරවැසියෙකු දායාද කිරිම

BATTLE OF THE BLUE MEROON

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පුවත් හා විශේෂ අවස්ථා

බප/කැල ශ්‍රී සුමංගල මහා විද්‍යාලය